Best V Care Animal Hospital | Trusted Vet Clinic in Wariyapola, Sri Lanka

ජලභීතිකාව යනු සුරතල් සතුන්ට මෙන්ම මිනිසුන්ටද භයානක සහ මරාන්තික වෛරසයක් වන අතර, එය වළක්වාගැනීමට සිදුකල හැකි ඉතාමත්ම සාර්ථක ක්‍රමය වන්නේ නිවෙස් වල සුරතලයට ඇතිකරන සතුන් මෙන්ම වීදි සත්වයන්ද ජලභීතිකා එන්නත්කරණයට ලක්කිරීම පමණි.

එබැවින් මේ දින වල ක්‍රියාත්මක ජාතික ජලභීතිකා මර්_දන වැඩසට සහයෝගය දැක්වීමක් වශයෙන් සහ ප්‍රදේශයේ ජනතාවගේ සහ සුරතලුන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව වෙනුවෙන් වගකිවයුතු රෝහලක් ලෙස තම සමාජ වඟකීම හොඳින් වටහාගෙන කටයුතු කරන BestVcare සත්ත්ව රෝහල විසින් තවත් එක වටිනා සමාජ සත්කාරයක් ලෙස සංවිධානය කරන ලද නොමිලේ ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන පසුගිය මැයි 10වන දින උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

දිනය පුරාවටම ප්‍රදේශවාසී ජනතාව මහත් උනන්දුවකින් යුතුව තම සුරතලුන් රෝහල් පරිශ්‍රය වෙත රැගෙන ආ අතර රෝහල් කාර්_යය මණ්ඩලය මහත් කැපවීමකින් යුතුව එන්නත්කරණ 💉කටයුතු සිදුකරනු ලැබුවේය. එහි ප්‍රතිඵලයක් ලෙස දිනය අවසන් වන විට සුරතලුන් 150කට අධික ප්‍රමාණයකට ජලභීතිකා එන්නත ලබාදීමට හැකිවිය.

ප්‍රධාන වෛද්‍ය නිලදාරී වෛද්‍ය කේලිය දිසානායක මහතා විසින්, මේ වැඩසටහන සාර්_ථක කරගැනීමට අනුග්‍රහ දායකත්වය ලබාදුන් Farm Chemie සහ Browns ආයතන වලට, වසර 10ක් පුරාවට BestVcare සත්ත්ව රෝහල පිළිබඳව විශ්වාසය තැබූ ප්‍රදේශවාසී සුරතල් සතුන් හිමිකරුවන් සහ වෙහෙස මහන්සි නොබලා කැපවූ ආදරණීය රෝහල් කාර්_ය්‍ය මණ්ඩලයද ඉතාමත් ආදරයෙන් සිහිපත් කරන ලදී. වැඩිදුරටත් ඔහු පවසා සිටියේ වාරියපොළ සහ වටා ප්‍රදේශවල සත්ත්ව ආරක්ෂාව වැඩිදියුණු කිරීම අපගේ වගකීමක් බවත් මෙය අඛණ්ඩව සිදු කිරීමට කටයුතු කරන බවයි..”

වසර 10ක් පුරා අඛණ්ඩව කුරුණෑගල වාරියපොළ ප්‍රදේශයේ සුරතල් සතුන් හිමිකරුවන්ගේ විශ්වාසය තහවුරු කරගත් , මෑතක දී ආරම්භ කරන ලද BestVcare සත්ව රෝහල මගින්,
🔹නවීන රසායනාගාර සහ ස්කෑනින් පහසුකම්,
🔹හදිසි ප්‍රතිකාර සහ ශල්‍ය සත්කාර,
🔹රෝහල තුළ ඇති Pet Shop සහ Pharmacyය,
🔹මිත්‍රශීලි , සුවපහසු සහ පිරිසිදු වටපිටාවක,
🔹පළපුරුදු පශු වෛද්‍යවරුන්ගේ සහ කාර් ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ප්‍රදේශවාසී ජනතාවට තම සුරතලාට උසස් ප්‍රමිතියකින් යුතු සෞඛ‍ය රැකරවණයක් ලබාගැනීමට අවස්ථාට උදාකර දී තිබේ.

 

📍

Visit us today and experience compassionate care!
No. 26 – City Reach, Wariyapola.
Contact -: 037-22 70 677 or 077 327 0677
Visit -: www.bestvcare.com

Leave a Reply

Your email address will not be published.