සතුන් වන්ද්‍යකරණය යනු ඉතාමත් ආන්දෝලනාත්මක මාතෘකාවකි. ඇතැම් පිරිස් මෙය යහපත් දෙයක් ලෙස පිළිගන්නා අතරම ඇතැමුන් මෙය හෙළා දකිති. බොහෝ විට සතුන් වන්ද්‍යකරණය “පව්” ලෙස අර්ථ දක්වන අතර ලාංකීය සමාජය තුල “පින” සහ “පව” අතර දෝලනය වන අදහස් සමාජගත වී ඇත. කෙසේ වෙතත් එදිනෙදා අප දකින දෙයක් වනුයේ බොහෝ බලු පැටවුන් , පූස් පැටවුන් මග මග හෝ පන්සල් වල දමා යෑමයි. ඔබෙ නිවසේ සුරතලාගෙන් පැටව් අවශ්‍ය නම් පැටව් ලබාගෙන නිවැරදි අයුරින් එම පැටවුන් ව නිවෙස්වලට ලබා දීම සිදු කළ යුතු ය. නමුත් බොහෝ දෙනා එසේ ලැබෙන පැටවුන් මහ මග දමායන අතර එම පැටවුන් වාහන වලට යට වී හෝ විවිධ රෝග සෑදී මිය යයි. පින – පව ගැන කතා කරන සමාජයක මෙවැනි දෑ ගැන කතා කිරීම හෝ අවධානය යොමු කිරීමක් සිදු නොවීම ඛේදනීය තත්ත්වයකි.
සාමාන්‍යයෙන් සුනඛයින් මාස 09ක් පමණ වන විට දී ලිංගික පරිණතියට පත් වේ. මෙහිදී පිරිමි සතුන් වසර පුරාම ලිංගිකව සක්‍රීය වන අතර ගැහැනු සතුන් වසරකට දෙවරක් එනම් මාස 06කට වරක් ලිංගිකව සක්‍රීය වේ.නමුත් බළලුන් පිළිබඳව අවධානය යොමු කිරිමේ දී මෙය වෙනස් වේ. ආසන්නව දවස් 21න් 21 ට ලිංගිකව සක්‍රීය වන අතර ලිංගිකව එක්වන්න එක්වන්න බළලුන්ගේ ඩිම්බ පිටවීම සිදු වේ.එමෙන්ම පැටවුන් දමා සතියකින් හෝ සති දෙකකින් පසුව නැවත ලිංගිකව සක්‍රීය වීමක් සිදු වේ.
වන්ද්‍යකරණ සැත්කම මගින් ගැහැනු සහ පිරිමි සතුන්ගේ ලිංගික අවයව ( reproductive organs ) වලින් කොටසක් {ඩිම්බ කෝශ සමඟ ගර්භාශය (ovaries and uterus)/ වෘශණ (testicles)} සැත්කම මගින් ඉවත් කරනු ලබයි.
පශු වෛද්‍ය මතය නම් “වන්ද්‍යකරණ” සැත්කම මගින් ගැහැනු සත්ත්වයාට යම්කිසි සහනයක් , පහසු තත්ත්වයක් ඇති කරනු ලබයි. එමගින් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වනු ලබයි. මන්ද යත් බොහෝ පූසන් , සුනඛයන් කුඩා අවධියේ දීම ගැබ් ගැනීම නිසා මිය යන අවස්ථා ද දක්නට ලැබේ. එමෙන්ම වන්ද්‍යකරණය කිරීම මගින් සුනඛයන්ගේ ආයු කාලය වසර 1 – 3කුත් , බළලුන්ගේ ආයු කාලය වසර 3 – 5 ක කාලයකුත් දිගු වේ. එමෙන්ම වන්ද්‍යකරණය නොකළ සතුන් සහකරුවන් / සහකාරියන් සොයා යෑම (රැලේ යාම) නිසා තුවාල , සපාකෑම් , සමේ රෝග හෝ ලිංගාශ්‍රිත පිළිකා තත්ත්වය යනාදියට ගොදුරු විය හැකියි. එමගින් සුරතලාගේ ජීවිතය නිකරුණේ අවදානමේ හෙළිමක් සිදු වේ. වන්ද්‍යකරණය මගින් ස්ථන ග්‍රන්ථියේ ඇතිවන පිළිකා(mammary tumors), ලිංගාශ්‍රිත පිළිකා (TVT), වෙනත් බෝවෙන රෝග අවම හෝ ඇතිවීම නැති කරගැනීමට හැකි වේ.ශල්‍යකර්මයට සිදු වන වියදම පැටවුන් රැක බලා ගැනීමට යන වියදමට වඩා අඩු වියදමක් වනවා මෙන්ම සුරතලාට වඩාත් නීරෝගිව , දිගු කාලයක් ජීවත් වීමට හැකි වේ.
ආගමික මතවාද කුමක් වුවත් පශු වෛද්‍ය මතය නම් වන්ද්‍යකරණ සැත්කම ඔබේ සුරතලාට වෙනුවෙන් ගත හැකි වඩාත් ආරක්ෂිත සහ හොඳම තීරණය බවයි.