අද අපි අවධානය යොමු කරනුයේ මාරාන්තික රෝගයක් වන “ජලභීතිකාව” පිළිබඳවයි. මෙය මාරාන්තික වෛරසයකි. මෙම මාරාන්තික වෛරසය ශරීරගත වී ජලභීතිකා රෝගය වැළඳුන විට එය සුව කළ නොහැකිය.මෙය සුනඛයින්, බළලුන් , හාවන්, වවුල්ලු, එළුවන් සහ ගවයින් වැනි ක්ෂීරපායී සතුන් මගින් මිනිසාට බෝවේ.
රෝගය ශරීරගත වන ආකාර කිහිපයක් පවතී. එනම්,
ආසාදිත සතෙකුගෙන් වන සීරීමක් හෝ සපාකෑමක් මගින්
ආසාදිත සතෙකුගේ කෙළ (ඛේටය) අපගේ ශ්ලේෂ්මල පටකයක හෝ තුවාලයක ස්පර්ෂ වීම
හෝ ඉතාමත් කලාතුරකින් ආසාදිත කිරි ගවයකුගේ කිරි පානය කිරීම මගින් ද මෙය ශරීරගත විය හැකි ය.
ජලහීතිකාවේ ප්‍රධාන වර්ග දෙකක් පවතින අතර සුලබව දක්නට ලැබෙන furious form වේ. මෙය වැළඳුනු විට වියරු ලෙස හැසිරීම , අධික බිරීම, සැර පරුෂ ලෙස හැසිරීම , සපා කෑමට උත්සාහ කිරීම සහ ආක්‍රමණශීලි බවක් දක්නට ලැබේ. මෙවැනි සතෙකුගේ මුඛයෙන් පෙණ වැනි කෙළ බේරීම, වතුරට සහ සුළඟට අධික බයක් පෙන්වීම වැනි ලක්ෂණ දැකගත හැකි වේ.
අනෙක් ජලභීතිකා වර්ගය නම් paralytic form (සාමාන්‍ය ව්‍යවහාරයේ දී ගොළු පිස්සුව නමින් හැඳින් වේ) වේ. මෙහිදී සත්ත්වයාගේ යටි හනුව අංශභාග තත්ත්වයකට පත් වේ. තව ද කෙළ බේරීම , සැඟවීමට උත්සාහ කිරීම සහ ඇතැම් විට කලබලකාරී හැසිරීම් රටාවක් පෙන්නුම් කරනු ලබයි. මෙය සාමාන්‍යයෙන් හඳුනාගන්නට අමාරු තත්ත්වයකි. සුනඛයාගේ මුඛයේ ස්නායු අතර ඇති ට්රයිජිමෙල්ලාව paralyse වීම නිසා යටි හනුව paralyse වන අතර මේ නිසා කෙළ ගිලීමේ අපහසුතාවයක් ඇති වේ. බොහෝ දෙනා මෙය සුනඛයා කටුවක් සිර කර ගෙන ඇති බවට වරදවා වටහා ගනිති. මෙහිදී බොහෝ අය සුනඛයාගේ මුඛය තුළට අත දැමීම නිසා ඉතා පහසුවෙන් ජලභීතිකා රෝගය වැළඳේ. එම නිසා එවැනි තත්ත්වයක දී ප්‍රවේසම් විය යුතු වේ.

වැදගත් කාරණය නම් නිවසේ ඇති කරන සුරතලා හෝ අවට ගැවසෙන වෙනත් සතෙකුගේ සපා කෑමක් හෝ සීරිමක් සිදු වූ විට හැකි ඉක්මනින් අදාළ සපා කෑම හෝ සිරීම සිදු වූ ස්ථානය පිරිසිදු කිරීම කළ යුතු වේ. ඉන්පසු හැකි ඉක්මනින් ළඟම රෝහලට ගොස් අවශ්‍ය එන්නත් සහ ප්‍රතිකාර ලබා ගත යුතු ය.
වඩාත් වැදගත් දෙය නම් ඔබ නිවසට සුරතලෙකු ගෙන ඒමට සැලසුම් කරන්නේ නම් ජලභීතිකා එන්නත ලබා දීමෙන් පසුව නිවසට ගෙන ආ යුතුය. එසේත් නැත්නම් නිවසට ගෙන ඒමෙන් පසු හැකි ඉක්මනින් ජලභීතිකා එන්නත ලබා දිය යුතු වේ. පළමු ජලභීතිකා එන්නත ලබා දී මාස තුනක් ඉක්මවීමට පෙර දෙවන මාත්‍රාව ද ලබාගත යුතු ය.
මෙම පියවර අනුගමනය කිරීමෙන් ඔබත් , සුරතලාත් ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා වීමට හැකි වේ.